ශ්‍රී ලංකාව ආසන්න වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය නිසා රට වටා බොහෝ මුහුදු ප්‍රදේශවල තද වැසි, තද සුළං සමඟ අකුණු ද ඇති වන බවත්, අද සවස දෙකෙන් පමණ පසු බොහෝ පළාත්හි ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බවත්, සමහර ස්ථානවලට මිලි මීටර 150ක පමණ තද වැසි හට ගැනීමට ඉඩ ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

ගිගුරුම් සහිත වැසි සමඟ තද සුළං ද අකුණුද ඇතිවිය හැකි බවත්, ඒ ගැන විමසිල්ලෙන් සිටින ලෙස ධීවරයන් හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද පෙරවරු 10.30ට මේ අනතුරු ඇඟවීම කළේය.

එය බදාදා (02) පෙරවරු 10.30 දක්වා බලපැවැත්වේ.