සබරගමුව සහ මධ්‍යම පළාත් වල තැනින් තැන වැසි ඇති වන අතර බස්නාහිර, දකුණ සහ වයඹ පළාත් වල වැසි වාර ස්වල්පයක් ඇති වේ.

අපරභාගයේ දී හෝ රාත්‍රී කාලයේ දී හෝ ඌව සහ නැගෙනහිර පළාත් වල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. මේ නිසා අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගැනීමට විමසිලිමත් වන ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

දිවයින හරහා විශේෂයෙන් මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශ වල සහ බටහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශ වල විටින් විට නිරිත දිග මෝසම් සුළං ප්‍රභල විය හැකිය. (පැ.කි.මී. 50 පමණ දක්වා)