බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුර පළාත් වල වැසි වාර කිහිපයක් ඇති වේ.අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී සෙසු ප්‍රදේශ වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.

දිවයින හරහා විශේෂයෙන් මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශ වල විටින් විට හමන තරමක් තද සුළං (පැ.කි.මී. 50 පමණ) බලාපොරොත්තුවේ.අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.