දිවයිනේ නිරිතදිග කොටසේ සාපේක්‍ෂව වැඩිපුර වැසි අපේක්ෂා කෙරේ.
බස්නාහිර, දකුණ, සබරගමුව සහ මධ්‍යම පලාත් වල විටින් විට වැසි ඇති වන අතර වයඹ සහ උතුරු පළාත් වල වැසි වාර කිහිපයක් ඇති වේ.අපරභාගයේදී සෙසු ප්‍රදේශ වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.
දිවයින හරහා විශේෂයෙන් මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශ වල විටින් විට හමන තරමක් තද සුළං (පැ.කි.මී. 50 පමණ) බලාපොරොත්තුවේ. තවද වැසි ඇති වන විටද එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකිය.අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd