නැගෙනහිර සහ ඌව පළාත් වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් තැනින් තැන වැසි ඇති වන අතර අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී මධ්‍යම,  සබරගමුව, බස්නාහිර සහ  දකුණු පළාත් වල තැනින් තැන වැසි වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකිය . අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.