වැසි සහිත කාලගුණයක් ඇතිවීම සඳහා වායුගෝලීය තත්ත්වයන් ඉතා සුදුසු තත්වයේ පවතී. එහෙයින් උතුරු, නැගෙනහිර, ඌව සහ උතුරු මැද පළාත් වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ විටින් විට වැසි ඇති වන අතර අනෙක් පළාත්වල සන්ධ්‍යා කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක . අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd