දිවයිනේ නිරිත දිග කොටසට වැඩිපුර වැසි ලබාදෙමින් නිරිත දිග මෝසම සක්‍රීය වෙමින් පවතී. දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පලාත් වල ද ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලද විටින් විට වැසි ඇති වේ. පුත්තලම සහ කුරුණෑගල දිස්ත්‍රික්ක වලට ද වැසි පැතිර යා හැක. ඇතැම් ස්ථාන වලට තරමක තද වැසි ද ( මිමි. 100 පමණ) ඇතිවිය හැකිය.

අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී නැගෙනහිර සහ ඌව පළාත් වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.

දිවයින හරහා  විටින් විට නිරිත දිගින් හමන තරමක තද සුළං ඇති විය හැකිය.