අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේ දී ඌව පළාතේ තැනින් තැන සහ අනෙකුත් රට අභ්‍යන්තර ප්‍රදේශ වල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.

නිරිතදිග  වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේ දී ද වැසි ස්වල්පයක්  බලාපොරොත්තු විය හැකිය.ගිගුරුම් සහිත වැසි ඇති වන විට, එම ප්‍රදේශ වල තාවකාලිකව තරමක තද සුළං ද ඇති විය හැකිය.අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.