දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පලාත් වල ද ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලද තැනින් තැන  වැසි ඇති වේ. අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේ දී සෙසු ප්‍රදේශ වලද තැනින් තැන  ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට, එම ප්‍රදේශ වල තාවකාලිකව තරමක තද සුළං ද ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.