දිවයිනට නැගෙනහිර දෙසින් අඩුපීඩන කළාපයක් වර්ධනය වී දැනට හම්බන්තොට සිට කි. මී. 800 ක් පමණ දුරින් පවතී. එබැවින් හම්බන්තොට සිට නැගෙනහිර සහ ගිනිකොණ දෙසින් කි. මී. 300 කට එපිට වන මුහුදු ප්‍රදේශ රළු වන අතර, නිරන්තර වැසි සහ තද සුළං ඇති වේ. එම මුහුදු ප්‍රදේශ වෙත යාත්‍රා කිරීමෙන් වලකින ලෙස ධීවර සහ නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.
මේ සම්බන්ධව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිරන්තර අවධානයෙන් සිටිනු ලැබේ.
දිවයිනේ බොහෝ ප්‍රදේශ වල අහස වළාකුළින් බරව පවතින අතර අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී බොහෝ ප්‍රදේශ වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. ඇතැම් ස්ථාන වල තද වැසි ද ඇති විය හැකිය.
බස්නාහිර, දකුණු සහ සබරගමුව පලාත්වල උදය කාලයේ දී ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd