දිවයිනට බටහිර දෙසින් පවතින අඩුපීඩන පද්ධතිය තව දුරටත් දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතී.  කෙසේ වුවද දිවයින හරහා සහ අවට මුහුදු ප්‍රදේශ වල විටින් විට හමන තරමක් තද සුළං (පැ.කි.මී. 60) බලාපොරොත්තුවිය හැකිය. බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම සහ නැගෙනහිර පළාත් වල  තැනින් තැන වැසි ඇති  වන අතර අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී දිවයිනේ  අනෙක් ප්‍රදේශ වලද තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තුවිය හැකිය.  

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකිය. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ