දිවයින අවට වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී දිවයිනේ බොහෝ ප්‍රදේශ වල වැසි  හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. ඇතැම් ස්ථාන වල තද වැසි ද ඇති විය හැකිය. බස්නාහිර සහ දකුණු පළාත්වල උදය කාලයේ දී ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වේ.