දිවයිනේ බොහෝ පළාත් වල විශේෂයෙන් අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනයවේ. ඇතැම් ස්ථාන වලට තද වැසි (මිලී මීටර් 100 පමණ)  ඇතිවීමටද ඉඩ ඇත. උදය කාලයේදීද දිවයිනේ සමහර ප්‍රදේශ වලට වැසි බලාපොරොත්තු විය හැකිය.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකිය. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.