අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී දිවයිනේ බොහෝ පළාත් වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනයවේ. පුත්තලම සිට ගාල්ල සහ පොතුවිල් හරහා මඩකලපුව දක්වා වන වෙරළබඩ ප්‍රදේශ වල උදය කාලයේදී ද වැසි බලාපොරොත්තු විය හැකිය.

 ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකිය. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.