අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී දිවයිනේ බොහෝ පළාත් වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සමහර ස්ථාන වලට තද වැසි (මිලී මීටර් 100 කට වඩා)  ඇතිවීමටද ඉඩ ඇත. පුත්තලම සිට කොළඹ සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළබඩ ප්‍රදේශ වල උදය කාලයේදී ද වැසි බලාපොරොත්තු විය හැකිය.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකිය. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.