උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල තැනින් තැන වැසි ඇති වන අතර අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී දිවයිනේ සෙසු ප්‍රදේශ වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

සන්ධ්‍යා කාලයේ දී දැයට කිරුළ ප්‍රදර්ශනය පැවැත්වෙන කුලියාපිටිය ප්‍රදේශයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හැකියාවක් පවති.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකිය . අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.