බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින “ලෙහාර්” චන්ඩ සුළිකුණාටුව මුලතිව් සිට ඊසාන දෙසින් කි.මී. 800 ක් පමණ දුරින් කේන්ද්‍රගතව ඇත. මෙම පද්ධතිය බොහෝ දුරට එහි කේන්ද්‍රයේ සිට වයඹ දෙසට, ඉන්දියාව වෙත ගමන් කරනු ඇත.
මේ නිසා යාපනය සිට ත්‍රීකුණාමළය දක්වා වෙරළ සීමාවේ සිට කි.මී. 300කට ඔබ්බෙන් වන ගැඹුරු මුහුදු ප්‍රදේශ වල පැ.කි. 70ට වඩා වැඩි තද සුළං ඇති විය හැකි බැවින් ඉතා රළු සහ අනතුරුදායක වේ.මේ සම්බන්ධයෙන් වමසිලිමත් වන ලෙස ධිවර හා නාවික ප්‍රජාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.
දිවයිනේ උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි ස්වල්පයක් ඇති වන අතර අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී දිවයිනේ අනෙක් පළාත්වලද ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. විශේෂයෙන් උදය කාලයේ දී දකුණු වෙරළබඩ ප්‍රදේශ වල ද වැසි ඇති විය හැකිය.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකිය . අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd