දිවයිනේ උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල තැනින් තැන වැසි ඇති වන අතර නිරිතදිග වෙරළ බඩ කොටස් වලටද වැසි ස්වල්පයක් ඇතිවීමට ඉඩ ඇත.අපරභාගයේදී සහ රාත්‍රී කාලයේදී දිවයින අභ්‍යන්තර කොටස්  වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ .

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකිය . අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.