බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින  පීඩන අවපාතය යාපනයට  කි.මි 700 පමණ ඊසාන දෙසින් පවතී . දිවයින හරහා (විශේෂයෙන් මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වල) සහ අවට මුහුදු ප්‍රදේශ වල විටින් විට නිරිත දෙසින් හමන තරමක තද සුළං  බලාපොරොත්තු වේ.

දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ දකුණු  පළාත්වල  විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.අපරභාගයේදී සහ රාත්‍රී කාලයේදී දිවයිනේ සෙසු ප්‍රදේශ වල බොහෝ ස්ථානයන්හි ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ .

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකිය . අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.