බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින  අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් බවට වර්ධනය වී දිවයිනට ඊසාන දෙසින් පවතී . මෙය දිවයිනේ හා අවට ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ වල කාලගුණයට බලපෑ හැකිය. දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ දකුණු  පළාත්වල  විටින් විට වැසි ඇති වේ.අපරභාගයේදී සහ රාත්‍රී කාලයේදී දිවයිනේ සෙසු ප්‍රදේශ වල බොහෝ ස්ථානයන්හි ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ .

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකිය . අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.