බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් වර්ධනය වී ඇත. මෙය දිවයිනට උතුරු සහ නැගෙනහිර දෙසින් වන වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ වල කාලගුණයට හෙට දිනයේ සිට බලපෑම් ඇති කරයි. දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි ඇති වේ.
අපරභාගයේදී සහ රාත්‍රී කාලයේදී දිවයිනේ සෙසු ප්‍රදේශ වල බොහෝ ස්ථානයන්හි ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ . ඇතැම් ස්ථාන වලට තරමක තද වැසි ( මි.මී. 100 පමණ) වුවද ඇතිවිය හැකිය.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකිය . අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd