දිවයිනේ නැගෙනහිර, උතුරුමැද සහ ඌව පළාත්වල  වැසි ස්වල්පයක් ඇති වේ.අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී බස්නාහිර, වයඹ සහ සබරගමුව පළාත් වල ද ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වල ද ස්ථාන කිහිපයක ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ .

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකිය . අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.