ඊසාන දිගින් හමන මෝසම් සුළං ප්‍රවාහය හේතුවෙන් තවදුරටත් දිවයින හරහා සහ අවට මුහුදු ප්‍රදේශ වල විටින් විට හමන තරමක් තද සුළං (පැ.කි.මී 50දක්වා) පවතී. එහෙත්, දිවයින අශ්‍රිතව වැසි ඇතිවීමේ හැකියාව ඉතා අඩු මට්ටමක පවති.දිවයිනේ නැගෙනහිර සහ උතුරු පළාත්වල වැසි ස්වල්පයක් ඇති වන අතර අපරභාගයේදී සහ රාත්‍රී කාලයේදී සබරගමුව, දකුණ සහ බස්නාහිර පළාත්වල  වල  ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.

හිමිදිරි පාන්දර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන වල මල්තුහීන (මිදුණු පිනි) ඇති විය හැකිය.