බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති “මාදි” සුළි කුණාටුව මේ වනවිට පීඩන අවපාතයක් දක්වා දුර්වල වී කන්සන්තුරේ සිට කි.මි. 200 පමණ ඊසාන දෙසින් පවතී.

අද :-එහි බලපෑමෙන් දිවයිනේ උතුරු අර්ධයේ සහ දිවයිනට උතුරින් වන මුහුදු ප්‍රදේශ වල වැසි සහ සුළං සහිත කාලගුණයක් බලාපොරොත්තු වේ. දිවයිනේ උතුරු සහ උතුරුමැද පළාත් වලත් ත්‍රීකුණාමළය දිස්ත්‍රික්කයේත් සහ ත්‍රීකුණාමළය සිට යාපනය හරහා මන්නාරම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වලත් නිරන්තර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

හෙට :-දිවයිනේ සෙසු පලාත්වලද පැවති වියලි කාලගුණ තත්වයේ වෙනසක් හෙට සිට  අපේක්ෂා කෙරේ. දිවයිනේ උතුරු, නැගෙනහිර සහ පළාත්වල ස්ථාන කිහිපයක වැසි ඇතිවන අතර අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී දිවයිනේ සෙසු ප්‍රදේශ වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.