බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින “මාදි” චන්ඩ සුළි කුණාටුව දැනට යාපනය සිට කි.මි. 700 පමණ ඊසාන දෙසින් පවතී. එය සෙමින් දිවයිනෙන් ඈතට ගමන් කරමින් පවතී.

දිවයිනේ බස්නාහිර සහ වයඹ වෙරළබඩ ප්‍රදේශ වල උදය කාලයේදී වැසි ස්වල්පයක් ඇති වන අතර අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී ඌව පලාතේ ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. දිවයිනේ සෙසු ප්‍රදේශ වල ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණ තත්වයක් පවතී.