අඩු පීඩන කලාපය දැන් දිවයිනට ගිණිකොන දෙසින් පවතී. එම හේතුවෙන් දිවයිනේ නැගෙනහිර, උතුරු, උතුරුමැද දකුණු සහ ඌව පළාත්වල  විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර  දිවයිනේ සෙසු ප්‍රදේශ වල  බොහෝ ස්ථානයන්හි විශේෂයෙන්අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. සමහර ස්ථාන වල තද (මි.මි. 100 පමණ) වැසිද අපේක්ෂා කෙරේ.

දිවයින හරහා (විශේෂයෙන් මධ්‍යම කදුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවල) සහ දිවයින අවට මුහුදු ප්‍රදේශ සුළං සහිත කාලගුණ තත්වය තව දුරටත්  බලාපොරොත්තු වේ.