දිවයිනේ ඇතැම් පළාත්වල සහ අවට මුහුදු ප්‍රදේශවල වැසි සහිත කාලගුණ තත්වයක් අපේක්ෂා කරයි.
දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වේ. පුත්තලම සිට කොළඹ හරහා ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇති වේ.
සුළං නිරිත දෙසින් හමන අතර වේගය පැයට කිලෝමීටර් 20-40 ක් පමණ වේ. සුළං වේගය ඇතැම් විටෙක පැයට කිලෝමීටර් 50 පමණ දක්වා ඉහළ යා හැකි ය.
මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර් 60 පමණ දක්වා ඉහළ යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වන අතර දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ ද විටින් විට තරමක් රළු විමට ඉඩ ඇත.
අවසන් යාවත්කාලීන කිරීම - 2014 ජූලි 31 පෙරවරු 5:30


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd