දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත් වල වැසි වාර ස්වල්පයක් ඇති වේ.

අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී නැගෙනහිර, උතුරුමැද සහ ඌව පළාත් වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.

වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන විට, එම ප්‍රදේශ වල තාවකාලිකව තරමක තද සුළං ද ඇති විය හැකිය.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.