දිවයිනේ මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ දකුණු පළාත් වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි  වාර  කිහිපයක්  ඇති වන අතර මෙම වැසි  වයඹ පළාත දක්වා ද  වැසි පැතිර යා හැකිය.

අද /හෙට ;-දිවයින හරහා විශේෂයෙන් මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශ වල සහ අවට මුහුදු ප්‍රදේශ  වල, විටින් විට හමන තරමක් තද සුළං තව දුරටත් බලාපොරොත්තුවේ. තවද ගිගුරුම් සහිත වැසි ඇති වන විට ද, එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකිය.