දිවයින හරහා විශේෂයෙන් මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශ වල සහ අවට මුහුදු ප්‍රදේශ වල, විටින් විට හමන තරමක් තද සුළං තව දුරටත් බලාපොරොත්තුවේ. තවද ගිගුරුම් සහිත වැසි ඇති වන විට ද, එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකිය.
පුත්තලම සිට ගාල්ල දක්වා වන වෙරළබඩ ප්‍රදේශ වල සහ ඊට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශ වල, විශේෂයෙන් උදය කාලයේ සහ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කල හැකිය.
දිවයිනේ මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ දකුණු පලාත් වල වැසි වාර කිහිපයක් ඇති වන අතර අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී නැගෙනහිර, ඌව, උතුරුමැද සහ උතුරු පළාත් වල ස්ථාන ස්‌වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමට ඉඩ ඇත .
අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd