දිවයිනේ මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ දකුණු පලාත් වල විටින් විට වැසි ඇති වේ. මෙම වැසි වයඹ පලාත දක්වා ද පැතිර යා හැක. ඇතැම් ස්ථාන වලට තරමක තද වැසි ද ( මිමි 100 පමණ) ඇතිවිය හැකිය. අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී නැගෙනහිර, ඌව, උතුරුමැද සහ උතුරු පළාත් වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.
දිවයින හරහා සහ අවට මුහුදු ප්‍රදේශ වල විටින් විට නිරිත දිගින් හමන තද සුළං ඇති විය හැකිය.
අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
මුහුදේ තත්ත්වය :-
පුත්තලම සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ රළු සහ අනතුරුදායක වන අතර පැ.කි. 70 පමණ දක්වා සුළං ඇති වන නිසා ඒ පිළිබඳව විමසිලිමත් වන ලෙස ධීවර සහ නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd