නැගෙනහිර සහ දකුණු පළාත්වල පවතින කාලගුණ තත්වයේ වෙනසක් අපේක්ෂා කෙරේ. දිවයින හරහා සහ අවට මුහුදු ප්‍රදේශ වල, විශේෂයෙන් ත්‍රිකුණාමලයේ සිට මඩකලපුව සහ හම්බන්තොට හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල, විටින් විට ඊසාන දෙසින් හමන තරමක තද සුළං ඇති විය හැකිය.
නැගෙනහිර, උතුරු, උතුරුමැද, ඌව සහ දකුණු පළාත්වල තැන් තැන් වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. අපරභාගයේදී හෝ සන්ධ්‍ය කාලයේ මධ්‍යම, බස්නාහිර සහ සබරගමුව පළාත්වල තැන් තැන් වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකිය . අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd