දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත් වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් තැන් තැන් වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

අපරභාගයේදී සහ සන්ධ්‍යා කාලයේ සබරගමුව සහ මධ්‍යම පළාත්වල තැන් තැන් වල  ගිගුරුම් සහිත වැසි වර්ධනය වී පසුව එම වැසි බස්නාහිර සහ නිරිතදිග වෙරළ බඩ ප්‍රදේශ කරා පැතිර යයි.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක . අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.