නැගෙණහිරින් හමන සුළං ප්‍රවාහයේ ඇති තරංගාකාර කැළඹිලි ස්වභාවයක් දිවයිනේ කාලගුණය කෙරෙහි බලපෑම් ඇති කරයි. එබැවින් දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත් වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.   සමහර ස්ථාන වල  තද වැසිද (මි.මි. 100 පමණ) අපේක්ෂා කෙරේ.

අපරභාගයේදී සහ රාත්‍රී කාලයේදී සෙසු ප්‍රදේශ වල බොහෝ ස්ථානයන්හි ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකිය . අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.