දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත් වල වැසි ස්වල්පයක් ඇති වන අතර අපරභාගයේ දී හෝ සන්ධ්‍යාකාලයේ දී මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ දකුණු පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකිය . අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.