දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත් වල තැනින් තැන වැසි ඇති වන අතර අපරභාගයේ දී සහ රාත්‍රී කාලයේ දී සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකිය . අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.