පීඩන අවපාතය දුර්වල වී මන්නාරම් බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශය ආසන්නයේ පවතී. කෙසේවෙතත් දිවයිනේ උතුරු කොටසේ සුළං සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් අද දිනයේ (07) පවතිනු ඇත.  එම නිසා උතුරු වෙරළ බඩ ප්‍රදේශ වල ද දිවයිනට උතුරු දෙසින් වන මුහුදු ප්‍රදේශ වල සහ මන්නාරම් බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශ වල ද පැ.කි.මී. 60 පමණ තද සුළං බලාපොරොත්තු වේ.

දිවයිනේ උතුරු, උතුරුමැද, වයඹ සහ නැගෙනහිර පළාත් වල විටින් විට වැසි ඇති වන අතර අපරභාගයේ දී සහ රාත්‍රී කාලයේ දී සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.

බස්නාහිර පළාතේ ද වැසි ස්වල්පයක් බලාපොරොත්තු විය හැකිය.