ගැඹුරු පීඩන අවපාතයේ කේන්ද්‍රය මුලතිව් ආසන්නයේ පවතී. එම පද්ධතිය අද රාත්‍රී දිවයිනේ උතුරු ප්‍රදේශ ය හරහා ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. එම නිසා උතුරු පළාතේ ද දිවයිනට උතුරු දෙසින් වන මුහුදු ප්‍රදේශ වල සහ මන්නාරම් බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශ වල ද පැ.කි.මී. 70 පමණ ඉතා තද සුළං සහ තද වැසි (මි.මි. 100 පමණ) බලාපොරොත්තු වේ.

උතුරු පළාතේ විටින් විට වැසි ඇති වන අතර උතුරුමැද, වයඹ සහ බස්නාහිර පළාත් වලට ද වැසි පැතිර යා හැකිය.අපරභාගයේ දී සහ රාත්‍රී කාලයේ දී සබරගමුව, මධ්‍යම නැගෙනහිර සහ ඌව පළාත්වලත් තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.

දිවයිනට උතුරු දෙසින් වන මුහුදු ප්‍රදේශ සහ මන්නාරම් බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශ ඉතා රළු සහ අනතුරුදායක වන අතර එම වෙරළ ආසන්නව උස් රළ ඇතිවිය හැකි බැවින් ඒ පිලිබදව වඩා සැලකිලිමත් වන ලෙස වෙරළ අශ්‍රිතව සිටින ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටි.