දිවයින ආසන්නයේ පවතින පීඩන අවපාතය දැනට දිවයිනේ ඊසාන දිග වෙරළට ආසන්නයේ නැගෙනහිර දෙසින් පවතී. අද සවස් කාලයේ එය දිවයිනේ උතුරු ප්‍රදේශය හරහා ගමන් කරනු ඇති අපේක්ෂා කෙරේ. එම නිසා දිවයිනේ උතුරු කොටසේ සහ දිවයිනට උතුරු දෙසින් වන මුහුදු ප්‍රදේශ සහ මන්නාරම් බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශ වල පැ.කි.මී. 100 පමණ ඉතා තද සුළං සහ තද වැසි (මි.මි. 100 පමණ) බලාපොරොත්තු වේ.
උතුරු පළාතේ සහ මන්නාරම සිට කන්කසන්තුරේ හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල නිරන්තර වැසි ඇති වන අතර එම මුහුදු ප්‍රදේශ ඉතා රළු සහ අනතුරුදායක වේ. ඉහත වෙරළ ආසන්නව මීටර් 3 පමණ උස් රළ ඇතිවිය හැකි බැවින් ඒ පිලිබදව වඩා සැලකිලිමත් වන ලෙස වෙරළ අශ්‍රිතව සිටින ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටි. දිවයිනේ සෙසු ප්‍රදේශ හරහාත් විටින් විට තරමක තද සුළං තවදුරටත් බලාපොරොත්තුවේ.
දිවයිනේ උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර අපරභාගයේ දී සහ රාත්‍රී කාලයේ දී සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd