දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පලාත් වල තැනින් තැන  වැසි ඇති වේ.දිවයින හරහා සහ අවට ප්‍රදේශ වල විටින් විට නිරිත දිගින් හමන තරමක තද සුළං (පැ.කි.මී 60 දක්වා) ඇති වේ.

මුහුදු ප්‍රෙද්ශවල

පුත්තලම සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශවල ද වැසි බලාපොරොත්තු වේ.

සුළං නිරිත දෙසින් හමන අතර වේගය පැ. කි. මී. 30-40 ක් පමණ වේ. කොළඹ සිට ගාල්ල  හරහා පොතුවිල් දක්වා වන වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල දී සහ මන්නාරම් බොක්ක මුහුදු ප්‍රදේශයේ දී මෙම සුළං වේගය විටෙක පැ. කි. මී. 50-60 පමණ දක්වා ඉහල යාමට ඉඩ ඇත. 

කොළඹ සිට ගාල්ල  හරහා පොතුවිල් දක්වා වන වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ සහ මන්නාරම් බොක්ක මුහුදු ප්‍රදේශය විටින් විට රළු ස්වභාවයක් ගනී.