දිවයිනේ නිරිත දිග කොටසේ ක්‍රමයෙන් වැසි  වැඩි වීමක් සහ දිවයින සහ අවට මුහුදු ප්‍රදේශවල සුළං වැඩි වීමක් අපේක්ෂා කෙරේ.

දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පලාත් වල විටින් විට වැසි ඇති වේ. පුත්තලම සහ කුරුණෑගල දිස්ත්‍රික්ක වලට ද මෙම වැසි පැතිර යා හැකිය.දිවයින හරහා සහ අවට ප්‍රදේශ වල විටින් විට නිරිත දිගින් හමන තරමක තද සුළං ඇති විය හැකිය.