අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ (උතුරු සහ දකුණු අර්ධගෝලයෙන් හමා එන සුළං හමුවන ප්‍රදේශය) බලපෑමෙන් ඉදිරි දින කීපය තුලදී වැඩිපුර වැසි අපේක්ෂා කෙරේ.අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී දිවයිනේ බොහෝ පළාත් වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනයවේ. සමහර ස්ථාන වලට තද වැසි (මිලී මීටර් 100 කට වඩා) ඇතිවීමටද ඉඩ ඇත.
කොළඹ සිට ගාල්ල සහ හම්බන්තොට හරහා මඩකලපුව දක්වා වන වෙරළබඩ ප්‍රදේශ වල උදය කාලයේදී ද වැසි බලාපොරොත්තු විය හැකිය.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකිය. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd