දිවයිනේ බොහෝ පළාත් වල විශේෂයෙන් අපරභාගයේදී  හෝ සන්ධ්‍යා කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සමහර ස්ථාන වලට තද (මිමි 100 ආසන්න ) වැසි ඇතිවීමටද ඉඩ ඇත. කොළඹ සිට ගාල්ල හරහා පොතුවිල් දක්වා වන වෙරළබඩ ප්‍රදේශ වල උදය කාලයේදී ද වැසි ස්වල්පයක් බලාපොරොත්තු විය හැකිය.

 ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකිට. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ