අපරභාගයේදී  හෝ සන්ධ්‍යා කාලයේ දී දිවයිනේ බොහෝ කොටස් වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සමහර ස්ථාන වලට තද වැසිද (මිලි මීටර්100 ක් පමණ) ඇතිවීමටද ඉඩ ඇත. ත්‍රීකුණාමලය සිට පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වන වෙරළබඩ ප්‍රදේශ වල උදය කාලයේදී ද තැනින් තැන වැසි ඇතිවේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට, එම ප්‍රදේශ වල තාවකාලිකව තරමක තද සුළං ද ඇති විය හැකිය. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.