ඉදිරි දින දෙකෙහි දිවයින අශ්‍රිතව සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව අඩු මට්ටමක පවති.
කෙසේවෙතත්, අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී දිවයින අභ්‍යන්තර කොටස් වල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමට ඉඩ ඇත. බස්නාහිර සහ නිරිතදිග වෙරළබඩ ප්‍රදේශ වල උදය කාලයේද වැස්සක් ඇතිවිය හැකිය.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකිය . අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, මෙම අප්‍රේල් මස 05 සිට 15 දක්වා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී. හෙට (11), දහවල් 12.12ට මුරන්දන්වේලි, ගලෙන්බිඳුනුවැව, ඉචිචිලම්පල්තායි යන නගර වලට හිරු මුදුන්ව පවතී.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd