අපරභාගයේ ඇතිවන ගිගුරුම් සහිත වැසි තත්ත්වය හෙට සිට තාවකාලිකව අඩු වනු ඇත.

අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේ දී බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, උතුරුමැද සහ වයඹ  පළාත් වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර සහ නිරිතදිග වෙරළබඩ ප්‍රදේශ වල උදය කාලයේද වැසි ඇතිවිය හැකිය.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකිය . අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, මෙම අප්‍රේල් මස 05 සිට 15 දක්වා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී.  හෙට (10), දහවල් 12.12ට මදුරන්කුලි, පැල්වෙහෙර, මනම්පිටිය සහ වාලච්චේනයි යන නගර වලට හිරු මුදුන්ව පවතී.