සවස් කාලයේ දිවයින පුරාම ගිගුරුම් සහිත වැසි ඇතිවීමට පවතින හැකියාව 10 වනදා සිට තාවකාලිකව අඩුවන ලකුණු ඇත.එතෙක් දිවයිනේ බොහෝ පළාත් වල තැනින් තැන අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී  වැසි හෝ ගිගුරුම් සහිත වැසි තව දුරටත් ඇතිවේ. දකුණු, බස්නාහිර සහ නිරිතදිග වෙරළබඩ ප්‍රදේශ වල උදය කාලයේද වැසි ඇතිවිය හැකිය.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකිය. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, මෙම අප්‍රේල් මස 05 සිට 15 දක්වා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී.  හෙට (09), දහවල් 12.12ට හලාවත,ඉබ්බාගමුව මහඔය සහ පලුකාමම්  යන නගර වලට හිරු මුදුන්ව පවතී.