දිවයිනේ ඇතැම් පළාත්වල සහ අවට මුහුදු ප්‍රදේශවල වැසි සහිත කාලගුණ තත්වයක් අපේක්ෂා කරයි.
දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේ දී ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන කිහිපයක ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි ය.
පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි වාර කිහිපයක් ඇති වන අතර සහ දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල ද ස්ථාන ස්වල්පයක වැසි ඇති වේ.
නිරිත දෙසින් හමන සුළඟේ වේගය පැයට කිලෝමීටර් 20-40 ක් පමණ වේ. හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර් 60 පමණ දක්වා ඉහළ යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි අතර පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය ඇතැම් විටෙක පැයට කිලෝමීටර් 50 පමණ දක්වා ඉහළ යා හැකි බැවින් ද එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකි ය.
අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
අවසන් යාවත්කාලීන කිරීම - 2014 අගෝස්තු 13 පෙරවරු 5:30


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd