දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත් වල වැසි ස්වල්පයක් ඇති වන අතර අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී මධ්‍යම, ඌව, නැගෙනහිර, උතුරුමැද සහ උතුරු පළාත් වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වැසි වර්ධනය වේ.

දිවයින හරහා විශේෂයෙන් මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශ වල සහ අවට මුහුදු ප්‍රදේශ  වල, විටින් විට හමන තරමක් තද සුළං (පැ.කි.මී. 50 පමණ) බලාපොරොත්තුවේ. තවද ගිගුරුම් සහිත වැසි ඇති වන විටද එම ප්‍රදේශ වල තාවකාලිකව තරමක තද සුළං ඇති විය හැකිය‍.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.