දිවයිනේ ඇතැම් පළාත්වල සහ අවට මුහුදු ප්‍රදේශවල  වැසි සහිත කාලගුණ තත්වයක් අපේක්ෂා කරයි.
දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට  වැසි ඇති වේ. අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේ දී ඌව සහ නැගෙනහිර පළාත්වල තැන් කිහිපයක ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.
පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා  හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල  විටින් විට  වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර සහ දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල ද ස්ථාන ස්වල්පයක වැසි ඇතිවේ.ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකි ය.
සුළං නිරිත දෙසින් හමන අතර සුළඟේවේගය පැයට කිලෝමීටර් 20-40 ක් පමණ වේ. සුළං වේගය ඇතැම් විටෙක පැයට කිලෝමීටර් 50 පමණ දක්වා ඉහළ යා හැකි ය.

හම්බන්තොට සිට පොතුවිල් දක්වා සහ පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර් 60 පමණ දක්වා ඉහළ යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වන අතර දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ ද විටින් විට තරමක් රළු විමට ඉඩ ඇත.  
අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
අවසන් යාවත්කාලීන කිරීම - 2014 අගෝස්තු 06 පෙරවරු 5:30

24-houßv-08-06 Town-08-06